Saturday, March 21, 2015

අහිමි ආදරේ.....



නුඹේ ලඟ හිත නවතීවි
ආදරෙන් මා පරදීවි
කඳුළු අකුරින් ලියවේවි
මගේ හද ඔබගේ වේවි

ජීවිතේ සටහන් පේලි
හැම එකක ඔබ වැජඹේවි
සිතින් පමණක් පෙම්කල
පරාජිතයා මම වේවි

කඳුළු හසරැල් නොමියේවි
මතක වල සෙනෙහේ කියවේවි
නුඹව සැමදා මට සිහිවේවි
සෙනෙහේ සමගින් මා මියදේවි