Wednesday, February 23, 2022

කතා කරන ඇස් !!

නුඹේ නෙත් මුණගැහුන දා
ඇසට ඇස ඉඟි උනිද මන්දා
සිහිනයක් මා ලගින් හින්දා
නුඹ මගේ කර සිතින් වින්දා

නුඹේ කෙහෙරැලි මතින් රිංගා
යන සුළං පොද හාද මං කිපුනා
අතින් අල්ලන් යන්න සිතුනත්
අහිමි බව නම් තදින් දැනුනා

සිහින් නෙතු අග සෙනෙහෙ බැඳුනා
සිහිනයක ඔබ හා මා බිඳක් ගෙවුවා
ඇදෙන බස් රිය විත් නතර කෙරුවා
සත්තයි නුඹෙ ඇස් කතා කෙරුවා !!

Saturday, March 21, 2015

අහිමි ආදරේ.....



නුඹේ ලඟ හිත නවතීවි
ආදරෙන් මා පරදීවි
කඳුළු අකුරින් ලියවේවි
මගේ හද ඔබගේ වේවි

ජීවිතේ සටහන් පේලි
හැම එකක ඔබ වැජඹේවි
සිතින් පමණක් පෙම්කල
පරාජිතයා මම වේවි

කඳුළු හසරැල් නොමියේවි
මතක වල සෙනෙහේ කියවේවි
නුඹව සැමදා මට සිහිවේවි
සෙනෙහේ සමගින් මා මියදේවි


Friday, October 10, 2014

මගේ මරණය








නුදුරේම පැමිණේවි
හදවත නවතීවි
විහඟුන් ගී ගයාවි
හඬන්නට නම් කිසිවෙක්
නැතිවේවි....

සොහොනක් තැනේවි
පස් පිඩු එකිනෙක වැටේවි
මාගේ මතකය උගුලාවි
මා තනිකොට
සැවොම පියනගාවි....

මා සිටියාදැයි ඔවුනොවුන් විමසාවි
ඒ කාලකණ්ණියාදැයි සමහරෙක් විමසාවි
මගේ මතකය කිසිවෙකු ලඟ නොතිබේවි
පොළොවට බරක් වී ඉඳ මා මියයාවි !

Friday, June 6, 2014

පේන්නැ පුංචි කඳුළු කැට




කෙසේනම් පවසන්නද
මා තවම හඬන බව
දුරින් හිඳ නුඹ බැලුවාට
පේන්නැ පුංචි කඳුළු කැට

අඬනවිට සිනාසෙන්නට
මා ගන්න වෑයම
බිඳක් හෝ දන්නවානම්
නුඹ,
දුකක් නෑ මේ තරම් මට

Saturday, February 1, 2014

සිකරට්ටුව ....


අඳුරු වලාවන්
සියොලඟ ගලායන්
පෙම් සිතක හැඟුමන්
පාවී ගියාදෙන්

දුම් වළලු අතරින්
ඔබෙ රුවම ඇවිදින්
ඉඟි කොට වියැකෙමින්
මුසුවෙයි ගුවනට සැනින්

විස හුස්ම උරමින්
ඔබෙ රුවම මවමින්
තොල් අතර සිරකොට
ගතිමි විස දුම්රැල්...

Saturday, November 30, 2013

මා ඔබට පෙම් කල නිසා !


සඳට මම පෙම් කලෙමි
නුඹ මගේ සඳ නිසා
හිරුට මම පෙම් කලෙමි
මගෙ එළිය ඔබ නිසා
මද සුළඟ මම ප්‍රිය කලෙමි
ඔබෙ සුවඳ එහි ඇති නිසා
නිරතුරුම මම ඔබ ලඟ හිඳිමි
මා ඔබට පෙම් කල නිසා !

2013.11.29

හිත තණිවුණ වෙලාවක !

හිත තනිවුණ වෙලාවක
හද වැලපෙන විරාමෙක
ඔබෙ රුව මැවි මැවී
පාවෙලා යයි ඈතට

හදේ වේදනා දරාගෙන
ජීවත්වෙමි හෙටත් මම
ඈතින් දිළෙනා සඳවතට
මගේ දුක මුමුණමින හැමදාම

තරු වැටෙන මොහොතක
එනවාද ළඟට මොහොතකට
වියැකෙන බව දැන දැනම
හිරුට පෙම් කරන පිණි බිඳුව මම

2013.11.29