Friday, October 10, 2014

මගේ මරණය








නුදුරේම පැමිණේවි
හදවත නවතීවි
විහඟුන් ගී ගයාවි
හඬන්නට නම් කිසිවෙක්
නැතිවේවි....

සොහොනක් තැනේවි
පස් පිඩු එකිනෙක වැටේවි
මාගේ මතකය උගුලාවි
මා තනිකොට
සැවොම පියනගාවි....

මා සිටියාදැයි ඔවුනොවුන් විමසාවි
ඒ කාලකණ්ණියාදැයි සමහරෙක් විමසාවි
මගේ මතකය කිසිවෙකු ලඟ නොතිබේවි
පොළොවට බරක් වී ඉඳ මා මියයාවි !

Friday, June 6, 2014

පේන්නැ පුංචි කඳුළු කැට




කෙසේනම් පවසන්නද
මා තවම හඬන බව
දුරින් හිඳ නුඹ බැලුවාට
පේන්නැ පුංචි කඳුළු කැට

අඬනවිට සිනාසෙන්නට
මා ගන්න වෑයම
බිඳක් හෝ දන්නවානම්
නුඹ,
දුකක් නෑ මේ තරම් මට

Saturday, February 1, 2014

සිකරට්ටුව ....


අඳුරු වලාවන්
සියොලඟ ගලායන්
පෙම් සිතක හැඟුමන්
පාවී ගියාදෙන්

දුම් වළලු අතරින්
ඔබෙ රුවම ඇවිදින්
ඉඟි කොට වියැකෙමින්
මුසුවෙයි ගුවනට සැනින්

විස හුස්ම උරමින්
ඔබෙ රුවම මවමින්
තොල් අතර සිරකොට
ගතිමි විස දුම්රැල්...

Saturday, November 30, 2013

මා ඔබට පෙම් කල නිසා !


සඳට මම පෙම් කලෙමි
නුඹ මගේ සඳ නිසා
හිරුට මම පෙම් කලෙමි
මගෙ එළිය ඔබ නිසා
මද සුළඟ මම ප්‍රිය කලෙමි
ඔබෙ සුවඳ එහි ඇති නිසා
නිරතුරුම මම ඔබ ලඟ හිඳිමි
මා ඔබට පෙම් කල නිසා !

2013.11.29

හිත තණිවුණ වෙලාවක !

හිත තනිවුණ වෙලාවක
හද වැලපෙන විරාමෙක
ඔබෙ රුව මැවි මැවී
පාවෙලා යයි ඈතට

හදේ වේදනා දරාගෙන
ජීවත්වෙමි හෙටත් මම
ඈතින් දිළෙනා සඳවතට
මගේ දුක මුමුණමින හැමදාම

තරු වැටෙන මොහොතක
එනවාද ළඟට මොහොතකට
වියැකෙන බව දැන දැනම
හිරුට පෙම් කරන පිණි බිඳුව මම

2013.11.29

දෙහදක පැතුමන් විසිරී දස අත අප සිහින මාළිගේ !

කඳුළු ලඟ කීරි ගැහෙන හිත වාවන්නට බෑ
නුඹ ගැන හීන මවන සිත නවතින්නෙත් නෑ
සෙනෙහෙන් මට හිමි උන මේ දුක උහුලන්නට බෑ
මතු භවයක පෙම් කරන්න මට හිත හදන්න බෑ

සෙනෙහෙන් අත් පටලා පෙරදා අපේ ලෝකයේ
යලි කවදාවත් එන්නෑ පෙරදා මගෙ සිහින දෙව්ලි‍යේ
දෙහදක පැතුමන් විසිරී දස අත අප සිහින මාළිගේ
යලි කවදා ඉන්නද ඔබ ළඟ මා නෑ ඔබේ ලෝක‍යේ

2013.11.29

හැමදෙයක හැමවිටම කඳුළක්ම ඇඳිලා !

සැමදෙයක සැමවිටම
කඳුළක්ම රැඳිලා
හස‍රැල්ල හැමදාක
දුර ඈත රැඳිලා
කිසිදාක නෑ මසිත
සතුටින්ම පිරිලා
පෙර සසර කල වැරදි
ඇති යෙමෙකු රිදවා
ඒ වැරදි විඳවන්න
සිත දුකින් පිරිලා
හද වාවන්න බෑ කඳුළු
කැට දෙනෙත පිරිලා
කිසිදිනක නෑ යමෙකු
හදපත්ල කියවා
කිසිදාක නොම ඒවි
සිනා මා සොයලා
නුදුරේම නිමවේවි
දිවිගමන පණ ඇදලා,,,,

2013.11.27