ජීවිතේ වෙලාවකට පිහාටුවක් වගේ සැහැල්ලුයි...පාවෙනවා වගේ දැනෙනවා .........තවත් වෙලාවකට ජිවිතේ බර වැඩි කමටම පොළොව පලාගෙන යන්න හදන යකඩ කුට්ටියක් වගේ බරයි... ඒ තමයි ජීවිතේ හැටි..... නිසසලව ගලාගෙන යන ගඟකට වඩා ගල් පර අතරින් ගලාගෙන යන ගඟක් ලස්සනයි.... ජීවිතයක් ලස්සන වෙන්න ගල් පර අතරින් ගලායන ගඟක් වගේම ප්රශ්න, බාධක, අභියෝග තියෙන්න ඕනෙලු... ඒත් එක තැනක මගේ ජීවිතේ නැවතුනා....නැගිටින්න බැරි තරමටම ඇදවැටුනා....ඉතින් රසවිඳින්න අකුරු කරපු මගේ කඳුළු.........
Saturday, November 30, 2013
හිත තණිවුණ වෙලාවක !
හිත තනිවුණ වෙලාවක
හද වැලපෙන විරාමෙක
ඔබෙ රුව මැවි මැවී
පාවෙලා යයි ඈතට
හදේ වේදනා දරාගෙන
ජීවත්වෙමි හෙටත් මම
ඈතින් දිළෙනා සඳවතට
මගේ දුක මුමුණමින හැමදාම
තරු වැටෙන මොහොතක
එනවාද ළඟට මොහොතකට
වියැකෙන බව දැන දැනම
හිරුට පෙම් කරන පිණි බිඳුව මම
2013.11.29
දෙහදක පැතුමන් විසිරී දස අත අප සිහින මාළිගේ !
කඳුළු ලඟ කීරි ගැහෙන හිත වාවන්නට බෑ
නුඹ ගැන හීන මවන සිත නවතින්නෙත් නෑ
සෙනෙහෙන් මට හිමි උන මේ දුක උහුලන්නට බෑ
මතු භවයක පෙම් කරන්න මට හිත හදන්න බෑ
සෙනෙහෙන් අත් පටලා පෙරදා අපේ ලෝකයේ
යලි කවදාවත් එන්නෑ පෙරදා මගෙ සිහින දෙව්ලියේ
දෙහදක පැතුමන් විසිරී දස අත අප සිහින මාළිගේ
යලි කවදා ඉන්නද ඔබ ළඟ මා නෑ ඔබේ ලෝකයේ
2013.11.29
හැමදෙයක හැමවිටම කඳුළක්ම ඇඳිලා !
සැමදෙයක සැමවිටම
කඳුළක්ම රැඳිලා
හසරැල්ල හැමදාක
දුර ඈත රැඳිලා
කිසිදාක නෑ මසිත
සතුටින්ම පිරිලා
පෙර සසර කල වැරදි
ඇති යෙමෙකු රිදවා
ඒ වැරදි විඳවන්න
සිත දුකින් පිරිලා
හද වාවන්න බෑ කඳුළු
කැට දෙනෙත පිරිලා
කිසිදිනක නෑ යමෙකු
හදපත්ල කියවා
කිසිදාක නොම ඒවි
සිනා මා සොයලා
නුදුරේම නිමවේවි
දිවිගමන පණ ඇදලා,,,,
2013.11.27
සිතින් මා මියගිය නිසා !
අද නොහඬමි මං
නෙතේ කඳුළු තව නැති නිසා
සිනා නොවෙමි මං
හද තවම වැලපෙන නිසා
දුරින් හිඳිමි මං
ඔබට මා එපා වූ නිසා
යලිත් නොයෙමි මං
සිතින් මා මියගිය නිසා !
2013.11.27
මාද ඔබහට පෙම්කලා !
දන්නවාද ඔබ
මාද ඔබහට පෙම්කලා
සඳුට තරුමෙන්
මුහුදට රළමෙන්
මාද ඔබහට පෙම්කලා
පවසනු බැරිතරම්
ආලය ගුලිකරන්
සත්තයි මේ ඉතිං
මාද ඔබහට පෙම්කලා
සත්තමයි මා පෙම්කලා
2013.11.27
නුඹට ආලය කල තරම් !
කඳුළු වාවනු බැරි තරම්
ජීවිතය සිහිනයක් වූ තරම්
කඳුළු කැට ගිලිහුණ තරම්
නුඹ නොදනී බිඳුවක් තරම්
නුඹට ආලය කල තරම්
සිහිනයක මං උන් තරම්
ඔබ කඳුළු මට දුන් තරම්
කිසිවෙකු නොදනී හිත තරම්
2013.11.26
කඳුළු සඟවා සිනාසෙන්නද මම !
අයාලේ ගිය හිතකට
සෙනෙහස දී මහමෙරකට
තනිකොට මා හැඬූ කඳුළක
නුඹ යන්න යනවාද ඈතට
නෙතඟින් වැටෙන කඳුළු කැට
බරක්දෝ නොදනී ඔබේ දෑසට
විලාප දෙන හද මඩලක
කඳුළු සඟවා සිනාසෙන්නද මම...
2013.11.24
සෙනෙහස දී මහමෙරකට
තනිකොට මා හැඬූ කඳුළක
නුඹ යන්න යනවාද ඈතට
නෙතඟින් වැටෙන කඳුළු කැට
බරක්දෝ නොදනී ඔබේ දෑසට
විලාප දෙන හද මඩලක
කඳුළු සඟවා සිනාසෙන්නද මම...
2013.11.24
මගේ සඳ නුඹ !
මගේ කළුවර අහසේ
පෑයු එකම සඳ නුඹ
ඈතින් හිඳ බලා
රැකගමි පණ ලෙසටම
ආදරේ නාමෙයෙන්
නොයන් මගෙන් ඈතට
අඳුරු සිත් අහසේ
පෑයූ මගේ සඳ නුඹ...
2013.11.23
විරහ ගී ගැයෙන යාමේ !
විරහ ගී ගැයෙන යාමේ
ඔබේ තුරුලේ හිඳින්නට ඇත්නම්...
හදේ සුසුමන් සුළගෙ මුසුකොට
ළඟට වී ඉන්නම්...
ඔබේ නාමෙන් තැනුන සෙනෙහස
පුදන්නට ඇත්නම්...
මගේ සිහිනේ මංමුලාවී
එහිම මියදෙන්නම්...
අපේ ලෝකෙක පෙම් කතා මැව්
මතක මුමුණන්නම්...
ඔබේ සිනහව දෙසට නෙත් යොමා
කඳුළු සඟවන්නම්...
බිඳුනු හීනෙක පෙම් මතක ලඟ
සදා නවතින්නම්...
තරහා නෑ මං මා එපානම්
ඉතිං සමුගන්නම්...
2013.11.23
මිලින අහසක හිරු නැ වගෙයි !
හිත ඉකිගසයි
ආ දුර වැඩියි
මිලින අහසක
හිරු නෑ වගෙයි
පෙර කිසිදින
නොම වූ ලෙස
දෑස තෙත්වී
හිත ගිලන්වී
ජලෙන්එගොඩට
පිනූමසෙකු මෙනි
හද ගැහෙයි
වේදනා දිදී
නොදන්නෙමි මම
මා මැරිලාද
ජීවත් වනවාද වග
නමුදු විටෙක සිතෙයි
සිහිනයක්දැයි මෙය
ඔබ හට මා එපා වුන !
2013.11.17
මා තනිවෙලා !
සඳට පෙම්කල පුංචි තරුවක් ඈත අහසේ තනිවෙලා
සඳේ තනියට පෙම් ගීතිකා ගැයු විහඟ ගීයන් වියැකිළා
මගෙන් ඈතට ඈත දුරකට ඔබ ගියාදෝ සැඟවිලා
සිතේ පූදින පෙම් සිනා මල් කාට පුදම්දෝ මා 'තනිවෙලා'
2013.10.01
මහදින් කඳුලැළි රූරා වැටෙද්දී !
මහදින් කඳුලැළි
රූරා වැටෙද්දි
ඔබටදුන් සෙනෙහේ
මතකෙට එද්දි
උණුහුම් කඳුළක්
නෙතඟින් ගිලිහී
පෑදි දිය බොඳ කලා
ඔබමෙන් ඈත්වී......
2013.09.27
අවසන් හුස්ම පොද !
කාලයේ ඇවෑමෙන්
ජීවිතේ අඳුරකට
සිනහවෙන් ඈත්ව
යායුතු මග නොදැන
තනිව දැවෙන කතරකට
ජල බිඳකි අවැසිව
මිලින වී හිත් අහස
පාළුවෙන් ඉකිගසන
හැඬුම් දෙයි හැමවිටක
මතකය අළුත්වන
හිස්බවක් පිරී ඇත
හැමදෙයක හැමවිටම
දුක්වන්නට සනසන්නට
කිසිවෙක් නෑ මා තනිව
එනවානම් වරෙන් දැන්ම
අවසන් හුස්ම පොද !
2013.9.20
කඳුළකට අත වනන සිතකි මා තනි උන.
ඔබට දුන් සෙනෙහස
මටද මා නැති කල
කඳුලකට අතවනන
සිතකි මා තනි උන
කටකාර මගෙ සිත
දඟකාර කම මිස
උන වරද ඔබහට
තවමත් සොයයි
මගෙ සිත
සිතක ඇති සෙනෙහස
මනින්නට මේ ලෙස
බොලඳ උන ඔය හිත
කුරිරු උන මා හට
ඔබෙන් පැතු සෙනෙහස
නැති උනා මා හට
පෙරදිනක එම මතක
තවමත් රිදවයි
මගෙ සිත
දිනක ඔහු ජයගනු ඇත අදරේ නාමයෙන් !
කදුලින් කල සිත්තමක්
සිනහවෙන් පාටගන්වන්නට
වෙර දරන ඔහු
තනිවම
ජීවිතේ අරමුණු
එකිනෙක ගිලිහී යනවිට
තමන්ගේම සිහිනයක
තමාටද ඉඩ නැතිව
එනමුදු තවමත් පණගැහෙයි
ඔහුගේ ප්රාර්ථනාවන්
යම් දිනක ඔහු
ජයගනු ඇත
ආදරයේ නාමයෙන් !
Subscribe to:
Comments (Atom)
.jpg)





.jpg)



